ඇසළ පෙරහැර වෙනුවෙන් පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්

Report

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වාර්ශිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ (30) ආරම්භ කර අගෝස්තු 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරනු ලබනවා.

මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන මිලේ වෙනසක් වේවිද? ඉන්ධන මිල සංශෝධන දිනය අද

ඉන්ධන මිලේ වෙනසක් වේවිද? ඉන්ධන මිල සංශෝධන දිනය අද

ශ්‍රී ලංකා පොලිසිය විසින් දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ''මහනුවර ඇසළ පෙරහැර - 2025" තොරතුරු කළමණාකරන පද්ධතිය නමින් මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද තිබෙනවා.

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

රථගාල් කළමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරින් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරනු ලබන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකියි.

මෙම පද්ධතියට පිවිසීමට :-

ඒ අනුව, www.police.lkයන පොලිස් වෙබ් අඩවියට පිවිස "මහනුවර ඇසළ පෙරහැර" හෝ https://kandyesalaperahera.police.lkයන යෙදවුම් භාවිත කළ හැකියි.

අධිකරණ ක්‍රමය ඩිජිටල් යුගයට - අගවිනිසුරු සුරසේන

අධිකරණ ක්‍රමය ඩිජිටල් යුගයට - අගවිනිසුරු සුරසේන