රස්සාවක් නෑ හැබැයි කෝටි තුනහමාරක ගෙයක් හදනවා කියලා CID එකෙන් අත්අඩංගුවට අරන්

Crime Branch Criminal Investigation Department Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 31, 2025 10:49 AM GMT
Kaushi

Kaushi

Report

නීතිවිරෝධී වශයෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පර්චස් 8.67 ක ඉඩමක ඉදිවෙමින් පැවති මෙම දෙමහල් නිවස සහ දේපළ දැනටමත් තහනමකට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. එසේම එම නිවස අඩි 15ක් පමණ උසැති දැවැන්ත තාප්පයකින් වටකර ඇත.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

වාර්තා වූ ආකාරයට කිසිදු නීත්‍යානුකූල රැකියාවක නිරත නොවන එම කාන්තාව නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් මෙම විශාල වත්කම උපයාගෙන ඇති බවට 2023 වසරේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට රහසිගත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ දිගු විමර්ශන ක්‍රියාවලියකින් පසුව බෝකුන්දර, පාසල් මාවතේ පිහිටි මෙම දේපළ පිළිබඳව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ඇය විදේශයක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ මෙරට මෙහෙයුම් හා සම්බන්ධ බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව ද සඳහන්. පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ ජාවාරම්කරුගේ අනුගාමිකයන් සපයන මත්ද්‍රව්‍ය, කිරුලපන සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බෙදාහැරීමේ ජාවාරම මෙම කාන්තාව සිදුකර ඇති බවටයි.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

ඒ අනාවරණයෙන් පසුව ඇයට විරුද්ධව 2024 වසරේදී විදේශ ගමන් තහනමක් ද අධිකරණයෙන් ලබාගෙන ඇත.

මේ අතර අඳාළ විමර්ශන ඉක්මන් කරමින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රුවන් කාන්ත මහතා පළමුව දින හතක තහනම් නියෝගයක් අඳාළ දේපළ වෙනුවෙන් ලබා ගෙන ඇත.

ඉන්පසුව හෝමාගම අධිකරණයට කරුණු දක්වා එම තහනම මාස තුනක කාලයකට දීර්ඝ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

කෙසේ වෙතත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙම තිස්හය හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඇයව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර එහිදී මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට නියෝග කර ඇති බව සඳහන්.

එසේම ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දිගු කිරීමටද නියෝග කර ඇත.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

ReeCha