රොෂෙල් අබේගුණවර්ධනට ඇප

Report

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මියට ඇප හිමිව තිබෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඇය අද (31) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇය රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.

ඉන්ධන මිලේ වෙනසක් වේවිද? ඉන්ධන මිල සංශෝධන දිනය අද

ඉන්ධන මිලේ වෙනසක් වේවිද? ඉන්ධන මිල සංශෝධන දිනය අද

ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණේ නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.

එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. 

මඩ ගහපු ආණ්ඩුවේ ලොක්කන්ට පේන්න ඩඩ්ලි උපයා ගත් වත්කමෙන් කොටසක් මුහුණු පොතේ පළ කරයි

මඩ ගහපු ආණ්ඩුවේ ලොක්කන්ට පේන්න ඩඩ්ලි උපයා ගත් වත්කමෙන් කොටසක් මුහුණු පොතේ පළ කරයි