පැන ගිය ආසාදිත රැඳවියා භාරවෙයි

covid19 weligama agunukola palassa prisoner surrenders bussa
By Sewvandhi May 28, 2021 11:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බස් රථයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත සැකකරු බන්ධනාගාරයට භාර වී තිබේ.

ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

පසුගිය 26 වනදා රාත්‍රියේ රැඳවියන් පිරිසක් බූස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය බලා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් තිබුණි.

එහිදී එක් රැඳවියෙකු වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පළා ගියේය. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අතරවාරයේ අදාළ රැඳවියා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය ගොස් ඔහුව රැගෙනවිත් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now