අදත් ඩොලරයේ අගය ඉහළට.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By Hashini Oct 26, 2023 09:06 AM GMT
Hashini

Hashini

Report

අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතය අනුව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.39ක් ලෙස දැක්වෙන අතර විකිණුම් මිල රුපියල් 331.93ක් ලෙස දක්වා තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබෙනවා.

මහජන බැංකුව ගැණුම් මිල රුපියල් 320.18ක් ලෙස දක්වා ඇති අතර විකිණුම් මිල රුපියල් 332.42ක් ලෙස දක්වා තිබෙනවා.

සම්පත් බැංකුව රුපියල් 322.00ක් ලෙස ගැණුම් මිල දක්වා ඇති අතර රුපියල් 332.00ක් ලෙස විකිණුම් මිල දක්වා තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ රුපියල් 320.16ක් සහ රුපියල් 330.50ක් ලෙස ගැණුම් සහ විකුණුම් මිල දක්වා තිබෙනවා.

හැටන් නැෂනල් බැංකුව (HNB) රුපියල් 322.00ක් ලෙස ගැණුම් මිල දක්වා ඇති අතර රුපියල් 331.00ක් ලෙස විකිණුම් මිල දක්වනු ලබනවා.

සෙලාන් බැංකුව රුපියල් 319.50ක් සහ රුපියල් 331.50ක් ලෙස ගැණුම් සහ විකුණුම් මිල දක්වා තිබෙනවා.

ඩී.එෆ්.සී.සී.(DFCC) ගැණුම් මිල රුපියල් 321.00ක් ලෙස දක්වා ඇති අතර විකිණුම් මිල රුපියල් 333.00ක් ලෙස දක්වා තිබෙනවා. 

ReeCha