වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ඩොලරය සහ යුරෝ තහනම් කරයි..හේතුව මෙන්න.
අද (13) සිට ඩොලර් සහ යුරෝ භාවිත කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට රුසියාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම්, කොටස් සහ බැඳුම්කර සඳහා ද අද (13) දිනයේ සිට ඩොලර් සහ යුරෝ යන මුදල් ඒ්කක භාවිත නොකරන බවයි, නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ.
සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)
රුසියාව මෙම පියවර ගෙන ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැකේජයක් හඳුන්වාදීමත් සමගයි.
මේ අතර, තමන් ඉපදුනේ 1949 වර්ෂයේ බවත් එම කාලයේ ස්ථාවර විනිමය අනුපාතය රුපියල් 3යි ශත 32ක් වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
අද (13) සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමින්,ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති දේ සහ ඉදිරි වසරවලදී අප කිරීමට අදහස් කරන දේ ගැන වචන කිහිපයක් කතා කිරීමට මම සිතුවා.
අර්බුදයේ ගැඹුර පැහැදිලි කිරීම සඳහා, මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්.
මම ඉපදුනේ 1949 වර්ෂයේදීයි. ඒ කාලයේදී ස්ථාවර විනිමය අනුපාතය රුපියල් 3යි ශත 32යි.
1978 දී ස්ථාවර විනිමය අනුපාතිකය ඉවත් කර ඩොලරයට රුපියල් 16ක් වූ පාවෙන විනිමය අනුපාතිකයකට අප යොමුවුණා.
මුදල් මුද්‍රණය කිරීම අවශ්‍ය වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි පුළුල් යෝජනා ක්‍රම තිබියදීත්, 2009 වන විට අපි ඩොලරයක් සඳහා රුපියල් 116 ක් ගෙවිය යුතු මට්ටම දක්වා ළඟා වී සිටියා.
එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණේ විදේශ ණය අර්බුදයේ මධ්‍යස්ථ අවදානමක් පවතින බවයි."