මොකක්ද මේ උතුරු නැගෙනහිර මහ මැතිවරණය ගැන ඇහෙන අලුත්ම කතාව ..

Report

උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් හා සිවිල් සංවිධාන රැසක් මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය වශයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

මෙම නව සන්ධානය සඳහා ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සන්ධානගත වී සිටින බවත්, හක්ගෙඩිය සලකුණින් තරග කරන බවත්, ප්ලොට් සංවිධානයේ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසීය.

නව සන්ධානයට පක්ෂ නායකයකු නොමැති බවත් සම සභාපතිවරුන් සහ මහ ලේකම්වරයා ලෙස තම පක්ෂයේ නියෝජිත රත්නවේල් පත්කර සිටින බවත්, ලබන 10 වැනිදා නාම යෝජනා බාර දෙන බවත් හෙතෙම කීවේය.

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු හදිසියේ අත්අඩංගුවට..බේරෙන්න පොලිසියට අල්ලසුත් දෙන්න හදලා..

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු හදිසියේ අත්අඩංගුවට..බේරෙන්න පොලිසියට අල්ලසුත් දෙන්න හදලා..

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ තම පක්ෂවලට ඉලංකයි තමිල් අරසු පක්ෂය කළ ඇරයුම පිළිනොගන්නා බවත්, එම පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන්ද තම සන්ධානය හා එක්වීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මන්ත්‍රිවරයා කීවේය.

උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ගෙන ඒම, ජාතික ගැටලුවට දේශපාලන විසඳුම් ගෙන ඒම, අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කිරීම, යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්වලට යුක්තිය ඉටු කිරීම, උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් කොල්ලයන් වැළැක්වීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් දේශපාලන බලපෑම් එල්ල කිරීම මෙම නව සන්ධානයේ අරමුණ වී ඇත.