ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු හදිසියේ අත්අඩංගුවට..බේරෙන්න පොලිසියට අල්ලසුත් දෙන්න හදලා..

By Piyumika Oct 06, 2024 04:19 AM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ටෙලි නාට්‍ය නළුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් සමඟ තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක හිඟයෙන් අපනයනයට සිමා..

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක හිඟයෙන් අපනයනයට සිමා..

26 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා තණමල්විල, බලහරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර නළුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 04ක මත්ද්‍රව්‍ය ජාවාරම්ක සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර, අයතා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

18 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් දේවස්ථානයකට ප්‍රහාරයක්..(VIDEO/PHOTOS)

18 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් දේවස්ථානයකට ප්‍රහාරයක්..(VIDEO/PHOTOS)

සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී බලකරුව ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුව මුදාගැනීම සඳහා නීතිඥවරුන් කිහිපදෙනෙකු ද පොලිසියට පැමිණ ඇති අතර, සැකකරුගේ පාර්ශවයේ අයෙකු ස්ථානාධිපතිවරයාට ලක්ෂ දහයක අල්ලස් මුදලක් ද ලබාදීමටද උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (05) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.