කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

Report

හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී පසුගිය 09 වැනිදා මාදුරුඔය ජලාශයට කඩා වැටුණි.

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

එම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා එම ගුවන් යානය එදින උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගුවන්ගත වී තිබුණි. එහිදී මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 06 දෙනෙකුද නංවා ගෙන ඇති අතර ඒ අනුව එම යානය තුළ ගුවන් නියමුවන්ට අමතරව ගුවන් හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සමග පුද්ගලයින් 12 දෙනෙකු සිට තිබේ.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩ බෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුශය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය. එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින් අනතුරට ලක්වූ පිරිස මුදා ගැනීමට මෙහෙයුම් දියත් කෙරිණි.

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

එහිදී යානයේ සිටි 12 දෙනා මුදාගෙන අරලගංවිල ප්‍රාදේශීය රෝහලට සහ ඇතුළත් කළ අතර එහිදි 08 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර එහිදි සෙබලුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව් දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.