මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට දුන් අධිකරණ තීන්දුව..

Sri Lanka Sri Lanka Magistrate Court Bribery Commission Sri Lanka
By Hashini Nov 11, 2023 09:27 AM GMT
Hashini

Hashini

Report

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු දෙදෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් ඔවුන් කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වනවා.

අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මෙහි විමර්ශන ක‍ටයුතු සිදු කරනු ලබනවා.

සභාපතිවරයා ඇතුළු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 

ReeCha