මුහුදේ පාට එකවරම වෙනස් වෙයි...ප්‍රදේශයේ ජනතාව අතර අනියත බියක්..
By Aruna
වැලිගම ආශ්‍රිත මුහුදු කලාපයේ මුහුදු රළෙහි ස්වභාවික වර්ණය වෙනස් වී තද දුඹුරු පැහැයක් ගත් බවත්, ඒ හේතුවෙන් එම
ප්‍රදේශයේ ජනතාව අනියත බියකින් සිටින බවත් වාර්තා වේ.
මුහුදු රළෙහි එක්වරම සිදු වී තිබු මෙම වෙනස්කම හේතුවෙන් ජනතාව අතර විවිධ කට කතා පැතිර යන බවද අනාවරණය වෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.
නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසන්නේ, වර්ෂාවත් සමග මේ දිනවල දිය වැල් රටාව වෙනස් වී ඇල්ගී වැඩි වීමත් සමග මුහුදු රළෙහි පැහැයේ වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
මෙය ද එවැනි තත්වයක් ද යන්න සොයා බැලීමට ජල සාම්පල් ලබා ගෙන වැඩි දුර පර්යේෂණ සිදු කරන බවත් එම නිසා කිසිවකුත් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.