ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..
Central Bank of Sri Lanka
Sri Lanka
By Aruna
වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු ආදියෙන් අය කරගන්නා රඳවා ගැනීමේ බද්දට අදාළව යම් සහනයක් ලබාදීම සම්බන්ධව අද (24) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
ස්ථාවර තැන්පතු ආදියෙන් රුපියල් පන්සියයක රඳවා ගැනීමේ බද්දක් අය කරන බවත්, එය වසරකට පසුව ලබා දුන්නද එම බද්ද ඉවත් කරන්නේ නම් ජනතාවට සහනයක් බවත් ඇමැතිවරයා කීවේය.
මෙහිදී වයස අවුරුදු හැටට වැඩි ජනතාවගේ ස්ථාවර තැන්පතුවලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවද ඔහු පැවසුවේය.
හැකි සෑම අවස්ථාවකම ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ජනවාරි මස පළවැනිදා සිට පෙබරවාරි මස 20 වැනිදා දක්වා වූ ආදායම සහ වියදමේ වෙනස රුපියල් බිලියන 450 ක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |