පොලී අනුපාතිකයන් පහල බසී..එම අංශ මෙතනින් දැනගන්න..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Jan 13, 2023 01:02 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලුම පරිණත කාණ්ඩවල පොලී අනුපාතිකයන් සැලකිය යුතු පරිදි පහළ ගොස් තිබෙනවා.

දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.01% සිට 31.15% ක් දක්වා පදනම් අංක 86 කින්, දින 182 බිල්පත් පොලිය 32.02% සිට 31.37% ක් දක්වා පදනම් අංක 65 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.16% සිට 29.04% ක් දක්වා පදනම් අංක 12 කින් පහළ යන ලදී.

වෙන්දේසිය සඳහා රු. මිලියන 88,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඊට රු. මිලියන 226,384 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now