මීට සුළු මොහොතකට පෙර දැඩි ආරක්ෂාව මැද රනිල් අධිකරණයට [UPDATE]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන විත් ඇත.
.........................................................................
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කරන්න කළින්ම පොලිස් ආරක්‍ෂාව දැඩි වෙයි [3.
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති හෙයින් මේ වන විට අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව වැඩි කර තිබෙනවා.
අද පෙරවරුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වන විට පොලිස් භාරයේ පසුවන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.