වහාම ක්‍රියාත්මක වන පරිදි කිසිවෙකුට යටත් නොවූ ප්‍රභල නිලධාරිනියක් ඉවත් කෙරේ.

Sri Lanka Ajithi niwad kabral The central bank Dawulagala
By Aruna Sep 17, 2021 06:02 AM GMT
Aruna

Aruna

Report

මහ බැංකු බැඳුම්කර චෝදනාවන්ට අදාළ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහබැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පත් වී දිනකට පසු ව වීම විශේෂත්වයක්.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු බඳුම්කර වංචාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියලු ම පරීක්ෂණ කටයුතු සඳහා වෘත්තීයමය වගකීම රැදී තිබුණේ, කේ.එම්.ඒ.එන්.දවුලගල යටතේ යි.

බැඳුම්කර වංචාවට අදාළ ලිපි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පුද්ගලයන් උත්සහ දැරූ අවස්ථාවේ දී එය වලක්වනු ලැබූවේ ද ඇය යි.

එමෙන්ම ඊ.ඒ.පී.එදිරිසිංහ මුල්‍ය සමාගමට අදාළ විගණනයේ ද මුලිකත්වය දැරූ ඇය, එහි දී බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නො තකා ක්‍රියා කළ සුපිළිපන් නිලධාරිනියක්.

අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා එල්ල වන අදාළ වෝහාරික විගනන වාර්තා පහක සියලු ලේඛන භාරකාරීත්වය පැවතියේ කේ.එම්.ඒ.එන්.දවුලගල භාරයේ වන අතර මෙම වංචාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළේ ද ඇයයි.

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් මෙලෙස හදිසියේ ම තනතුරෙන් පහකිරීම බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන්යෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණ කටයුතුවලට මහත් බලපෑමක් ඇතිකරනු ඇති බවට යි මැදහත් විශ්ලේෂකයින් අදහස් පළ කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now