විදෙස් කාන්තාවන් ගමන්ගත් මෝටර් රථය අඩි 12ක ප්‍රපාතයකට පෙරළෙයි.

Sri Lanka Accident
By Wayomi Apr 17, 2023 04:05 AM GMT
Wayomi

Wayomi

Report

බලත්ගමුව ප්‍රදේශයේ දී හෙම්මාතගම දෙසට ධාවනය වු මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 12ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

එම අනතුරින් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන අතර රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී ඇති බවට සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW