අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර හමුවේ..
Sri Lanka Police
Missing Persons
Sri Lanka
Death
By Piyumika
නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි (14) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය .
මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරය.
එම තරුණයා ඉකුත් (11) දින සිට නිවසින් අතුරුදහන් වි සිටන බවට දෙමාපියන් විසින් තලවකැලේ පොලිසිට පැමිණිල්ලක්ද කර තිබුණි.
