අතුරුදන් වූ දැරියන් තිදෙනාගේ සිරුරු සොයා ගනි..
By krishani
සූරියවැව – මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් 03න් දෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇත.
වයස අවුරුදු 16 හා 18 යන වයස්වල සිටි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් 10 හැවිරිදි වියේ පසු වූ දැරියක් මෙලෙස මියගොස් ඇති අතර 10 හැවිරිදි දැරියගේ සිරුර ඊයේ(12) දිනයේම සොයා ගන්නා ලදී.
අනෙක් සිරුරු දෙක අද පෙරවරුවේදී සොයා ගන්නා ලදී.
මෙම පිරිස රැගත් ඔරුව ඊයේ දින (12) පෙරළීමෙන් එහි ගමන්ගත් 08 දෙනාගෙන් පස්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වූ අතර කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ දහවල් ඔරුව පෙරලීමෙන් මෙම අනතුර සිදු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |