ශ්‍රී මහා බෝධියේ කොළ කළු වී හැලෙන හේතුව මෙන්න. - අතිධ්වනි කුළුණු ගැන අනාවරණයක්. (VIDEO)

Sri Lanka
By Wayomi Feb 24, 2023 08:54 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී මහා බෝධියේ කොළ කළු වී හැලෙන පවතින බවත්, ඊට හේතුවත් පවසමින් පරිගණක ඉංජිනේරු නිල්හාන් උඩුවරගේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීලිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,

"ශ්‍රී මහා බෝධියේ කොල, කළු පාට වෙලා කොල හැලිලා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහොම කාලෙකට ඉස්සර අපි නායක ස්වමීන් වහන්සේලා දැනුවත් කලත් අපිට සතුටුදායක ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා පේන්නෑ.

ඒ ගොල්ලො ඒක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න එක නතර කරලා අපි ගැන හොයන්න පටන් අරගෙන වගේ කියලා අපිට පේනවා. ඒක නිසා අපේ ආරක්ෂාව ගැන හිතලා මානව හිමිකම් කොමිෂන් සභාවට එන්න වුණා. මේක ගැන 2015 වගේ ඉඳළා එක එක දැනමුතුකම් තියෙන අය විද්‍යාත්මක සාධකත් එක්ක මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. අපේ නිවෙස් වලට ඇවිල්ල තියෙනවා නොදන්නා පුද්ගලයෝ.

අපි ළග පැහැදිලි පින්තූර තියෙනවා, කොල කළු පාට වෙලා කොල හැලිලා ගිහිල්ලා. ඒකට හේතුව එතන ගහලා තියෙනවා සන්නිවේදන කුළුනක්. වඳුරන් එළවන්න කියල අතිධ්වනි තරංග කුළුනු කීපයක් ගහලා තියෙනවා. රාත්‍රිය පුරා එතන අධිබල එල් ඊ ඩී විදුලි ලාම්පුවක් එල්ල කරලා තියෙනවා. මේ ඔක්කොම ශාකයේ ස්වාභාවික පැවැත්මට හානිකර දේවල් තමයි එතන කරලා තියෙන්නේ. සන්නිවේදන කුළුනක් එතන්ට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.

දැන් හාමුදුරුවෝ කියනවා දන් නැහැයි කියලා. ඉස්සර අපේ සිංහල රජ දරුවො මෙහෙම නෙමෙයි ගරු සත්කාර කලේ. ඒකට මෙහෙම කුඩම්මගේ සැළකිලි දැක්කුවෙ නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW