දැනටම 11කට මරණය.. සතුන්ට සහ මිනිසුන් දෙපාර්ශ්වයටම බලපෑම් එල්ල කළ හැකි බැක්ටීරියාවක්..
බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හොංකොංහි සත්ත්වෝද්‍යානයක වඳුරන් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම සතුන්ගේ ඉන්ද්‍රියයන් තුළ, පස්වල අන්තර්ගත මෙලියොයිඩොසිස් නම් බැක්ටීරියාව සොයාගෙන ඇති බවයි.
මෙම බැක්ටිරියාව සතුන්ට සහ මිනිසුන් දෙපාර්ශ්වයටම බලපෑම් එල්ල කළ හැකි නමුත් සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණයට ඉඩක් නැති බවයි වාර්තාවන්නේ.
වඳුරන්ගේ මියයාමත් සමඟ හොංකොං සත්ත්වෝද්‍යානයේ ක්ෂිරපායි අංශය තාවකාලිකව වසා තිබෙනවා