රන්ජන් ජනපතිට ලිපියක් ලියා කියපු දේ..

Report

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙන්න මේ පාරේ යන ඔයාටයි පොලිසියෙන් මේ දැනුම්දීම..

මෙන්න මේ පාරේ යන ඔයාටයි පොලිසියෙන් මේ දැනුම්දීම..

2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවද රංජන් රාමනායක මහතා සිය ලිපියෙන් ඉල්ලා තිබේ. පසුගිය පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්ක සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ ඔහු මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස නාමයෝජනා භාර දී තිබේ.

සැගවුණු කාලය අවසන්...ජොන්ස්ටන් CIDයට ප්‍රකාශයක් දීමට සුදානම්..

සැගවුණු කාලය අවසන්...ජොන්ස්ටන් CIDයට ප්‍රකාශයක් දීමට සුදානම්..

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇති අතර එළඹෙන මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

2021 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රන්ජන් රාමනායක වරදකරු බවට තීන්දු කළේය.

ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්..

ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්..

ඒ අනුව යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ‍රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළේය.

එහිදී ඔහුට වසර හතක කාලයක් සඳහා (ජනවාරි 12, 2021 සිට 2028 ජනවාරි 12 දක්වා) ඔහුගේ ඡන්ද අයිතිය හෝ තේරී පත්වීමේ අයිතිය ස්වයංක්‍රීයව අහිමි විය.