රියදුරුගේ ගෙල මිරිකා රථය පැහැර ගැනීමට ගිය කාන්තාව - ප්‍රදේශවාසීන් රියදුරුව 99න් බේරාගනී (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Western Province Crime
By Sewvandhi Jan 06, 2024 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රීරෝද රථයක ගමන්කරමින් සිටි කාන්තාවක් එහි රිදුරුගේ ගෙල තද කර රථය පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.ඒ ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ දී ය.

ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව අල්ලා පොලීසියට භාර දී ඇති අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වී සිටින අයෙකු බවයි, පොලීසිය සඳහන් කළේ.

ඊයේ (05) පස්වරුවේ රත්නපුර, ගොඩකවෙල නගරයේ දී කාන්තාවක් ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇත්තේ, ගොඩකවෙල රන්වල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසමිනි.

අනතුරුව ත්‍රීරෝද රථය මද දුරක් ධාවයන වූ පසු ඇය එහි රියදුරාගේ ගෙල තද කර ලේන්සුවකින් මුහුණ ආවරණය කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ දී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී පෙරළී ගොස් ඇත. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසීමෙන් පසු අදාළ කාන්තාව අල්ලා ගොඩකවෙල පොලිසියට භාර දී තිබේ.

අනතුරු ව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, එම කාන්තාව ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි. එමෙන්ම මෙම කාන්තාව ත්‍රීරෝද රථය පැහැර ගැනීමේ අරමුණින් මෙලෙස රියදුරාගේ ගෙල තද කළ බව පොලීසියට පවසා තිබේ.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන


ReeCha