ලංකාවේ පරාජය ගැන පවසන සහය පුහුණුකරු.

Cricket Sri Lanka Cricket Indian Cricket Team ICC World Cup 2023
By Hashini Nov 03, 2023 09:57 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසන්නේ ඉන්දියානු කණ්ඩායම සමඟ ඊයේ (02) පැවති තරඟයේ පරාජයේ වගකීම කණ්ඩායමක් ලෙස සියළු දෙනා භාරගත යුතු බවයි.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

"අපේ පිතිකරුවන් පැත්තෙන් ගත්තොත් මට කියන්න බෑ පන්දුවේ දෝලනයක් තිබුණා. ඒක අපි බලාපොරොත්තු වෙනවා අලුත් පන්දු දෙකක් තියෙන නිසා. සාමාන්‍යයෙන් තරගයකට කලින් අපි ඒ සකස්කිරීම් කරලා තමයි තරගයට ක්‍රීඩා කරන්න එන්නේ. ඒකේ සම්පූර්ණ වගකීමයි වැරැද්දයි අපි බාර ගන්න ඕනේ. "

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන දැවැන්තම ජයග්‍රහණය ලෙස ඉන්දියාව ලැබූ ලකුණු 302ක ජයග්‍රහණය වාර්තා අතරට එක් වනවා.

ReeCha