මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි. ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්.
ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ගිණුම්ගත කිරීම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ.
එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මුදල් ගෙවා තිබුණ ද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අතර මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බවද බෙදුම්කරුවෝ ප්‍රකාශ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |