9 වෙනි සහ 10 වෙනි සාමාජිකයනුත් කෝප් කමිටුවෙන් එළියට.

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමඟ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (19) පළමුවරට රැස් වූ අතර ඒ එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඒ, එහි සාමාජිකයින් 30න් හත්දෙනෙකුම ඉල්ලා අස්වී තිබූ පසුබිමකයි..

වසන්ත යාපා බණ්ඩාර සහ දුමින්ද දිසානායක අද සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 9 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව ඇත.

නමුත් සෙසු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා.