සිරි දළදා වන්දනාවේ පිළිවෙල වෙනස් වෙයි.දැනුවත් වෙලා යන්න

Report

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන "සිරි දළදා වන්දනා" 07 වැනි දිනය අදයි. මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

ඊයේ (23) රාත්‍රීයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින "සිරි දළදා වන්දනාව" සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට "සිරි දළදා වන්දනාව" සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

මේ අතර "සිරි දළදා වන්දනාව" සඳහා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය ද යළි දැනුම්දෙන තුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, පොලීසිය සිදුකළ ඉල්ලීම මත මෙම පියවර ගත් බවය