ඕවා මේ මගේ දුවගේ උත්සවේකට හම්බුන සල්ලිනේ, එන්න කියලා වත්කම් ආපු හැටි කියන නලින්

Report

තම බැංකු පොතේ ඇත්තේ ඉකුත් ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

ඒ අනුව ඔහු කියා ඇත්තේ,

“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා.ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි.ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා. අනික් පැත්තට අපිත් මේ හිඟන මිනිස්සුම නෙමෙයි. මම මේ ව්‍යාපාරයට එන්න කලින් උපාධියක් අරන් රජයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා. ඒ කාලේ තමයි, මම මේ පර්චස් දහයේ ඉඩම ගත්තේ. ඒ කාලේ පර්චස් එකක් රු. 25 000ට ගත්තේ. එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉටිකොළ ගහගෙන හිටියේ කියලා. ඒ නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතිරි සියල්ල ඇනුවේ මගේ මේ අතින්.” යනුවෙන්.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ අදහස් දක්වා ඇත්තේ මාධ්‍ය හමුවක් කැඳවමින් බව වාර්තා වේ.

වසන්ත සමරසිංහ තම දේපළ උපයා ගත් ආකාරය හෙළි කරන්න ලෑස්තිලු

වසන්ත සමරසිංහ තම දේපළ උපයා ගත් ආකාරය හෙළි කරන්න ලෑස්තිලු

වත්කම් බැරකම් පෙන්නන්න කිව්වම සජිත් ප්‍රේමදාස කියන කතාව

වත්කම් බැරකම් පෙන්නන්න කිව්වම සජිත් ප්‍රේමදාස කියන කතාව