සැඩ පහරට හසු වූ පුංචි හොකී ක්‍රීඩකයාට අත්වූ බිහිසුණු ඉරණම..

Matara Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Sep 22, 2023 02:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචි තාරුෂ දිනුවර නමැති ශිෂ්‍යයෙකි. ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයකු බව ද වාර්තා වේ.

හෙට (23) දිනයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා ඔහු ඇතුළු හොකී කණ්ඩායම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත ව තිබේ. පුහුණු වීම් නිමා වීමෙන් පසු පුහුණුකරු විසින් සිසුන්ට පාසල බලා පිට ව යන ලෙස දැනුම් දී ඇති නමුත් මිය ගිය සිසුවා වෙනත් සිසුන් කිහිප දෙනෙකු සමඟ කිරම ආරේ දිය නෑමට ගොස් ඇත.

එහි දී මෙම අනතුර සිදු ව ඇති බව වාර්තා වනවා. අනතුරු සිදු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ඈතින් සිසුවා ගේ සිරුර ගොඩගෙන ඇති අතර, ඒ සිසුවා දියේ ගිලී පැය තුනකට පමණ පසුවය. කිඹුල් තර්ජනය ද නොතකමින් ප්‍රදේශවාසීන් විසින් ගංගාවේ මෙම සෝදිසි කිරීම් සිදු කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් සිසුවා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කළ ද ඔහු රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි බව වාර්තා වේ. කිඹුලන් ගහන වූ මෙම ගංගාවේ ප්‍රදේශවාසීන් පවා දිය නෑමෙන් වැළකී සිටින බවත් මිය ගිය සිසුවා දියට බට ස්ථානයේ ජල පහර ද ඉතා සැර බවත් ප්‍රදේශවාසින් සඳහන් කර ඇත.

ReeCha