''මගෙ පුතා ෆෝන් එක උස්සන්නේ නැහැ. අනේ මට තාමත් කතා කළේ නැහැ '' රටම කළඹපු බන්දනාගාර සිදුවීමෙන් දිවි අහිමි වූ තරංගගේ මවගෙන් සංවේදී කතාවක් එළියට
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනා අතර දර්ශන තරංග අතුකෝරල මහතාද සිටී.
බුලත්සිංහල, දෙල්මෑල්ල, අඹගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි බන්ධනාගාර පොලිස් නිලධාරී දර්ශන තරංග අතුකෝරල මහතා මියයන විට 36 වන වියේ පසුවිය.
බුලත්සිංහල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ තරංග, සහෝදරයින් දෙදෙනෙකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලක බාලයා විය. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහු මීට වසර තුනකට පමණ පෙර විවාහ වී ඇති අතර, මියයන විට මාස හතක් වයසැති බිළිඳියකගේ පියෙකු විය. ද
තරංගගේ අහිමිවීමෙන් දැඩි කම්පනයට පත්ව සිටින ඔහුගේ මව්පියන් සිය වේදනාව ප්‍රකාශ කළහ.
තව දුරටත් ඇය සදහන් කළේ මෙවැන්නක්
“පුතාට කතා කළා… ෆෝන් එක උස්සන්නේ නැහැ. අනේ, මට තාමත් කතා කළේ නැහැ මම එයාගේ නෝනට කතා කළා එයා කිව්වා මීගමුවෙ ගියා කියලා. ඊට පහුවෙනිදා උදෙත් කතා කළා මම එයාට කිව්වා මට කෝල් එකක් ගන්න කියන්න කියලා . කෝල් එකක් තවමත් දුන්නේ නෑ ''