රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග [VIDEO]
පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් අද (18) දින මානුෂීය මෙහෙයුමේදී මිය ගිය රණවිරුන් සිහි කිරීමට පැමිණ තිබුණා. එහිදී ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ මෙම නොසන්සුන්තාවයක් ඇතිව ඇති බව වාර්තා වේ.
එසේම එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් ඇමතුමක් ලබාගැනීමෙන් පසුව අද දින කිසිවෙකුටත් රණවිරු ස්මාරකය අසලට යාමට අවසර නොදෙන බවට පවසා ඇති බව සඳහන්. ඒ සමඟම පොලීසිය සහ විමල් වීරවංශ මහතා සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වේ.
"ප්‍රභාකරන්ගෙන් අවසර අරන් තමයි ජොගින් යන්න වෙන්නේ..." - නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්ල කළ සැර ප්‍රහාරය මෙන්න
කෙසේ වුවත් පොලිස් නිලධාරීන් තල්ලුකරමින් ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී විමල් වීරවංශ මහතා බිම වැටෙන අයුරු දැක්වෙන ඡායාරූප ද පළ වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
තවද එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ජිප් රථයේ නංවා ගැනීමත් සමඟ විමල් වීරවංශ මහතා ද ජිප් රථයට ගොඩවී ඇති බවත් අනතුරුව අදාළ පුද්ගලයින් දෙදෙනාව පොලීසිය විසින් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ රණවිරු සැමරුම් පෙරහුරුව පැවති අද (18) දිනයේ දී එම කටයුතුවලට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥයෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය සඳහා සැමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එහි පෙරහුරුව අද පවත්වා ඇත.
එම අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතුවලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලද අතර රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.