මිලියන ගණනක් ටෙලිග්‍රෑම් පාරිභෝගිකයන්ට ගිණුම් අහිමි වෙයිද..? මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය..
ප්‍රංශ පොලීසිය විසින් ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි.
Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය.
රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.
Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම ලෙස සැලකෙයි.
Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි