ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණය වෙනස් කිරීම වෙනුවෙන් එළඹෙන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අඳාළ තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.