ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

Report

පසුගිය වසරේ (2024) පළමු මාස හයේදී රුපියල් බිලියන එකසිය දහනවයයි දශම දෙකක ලාභයක් ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය මෙම වසරේ පළමු මාස හයේදී රුපියල් බිලියන දහතුනයි දශම දෙකක අලාභයක් වාර්තා කර ඇත.

එනිසා රාජ්‍ය ව්‍යවසාය අංශයේ සමස්ත ලාභදායිත්වය සැලකියයුතු ලෙස සීමාවී ඇති බවට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2025’ හි දැක්වේ.

එසේම එම වාර්තාවෙහි ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 මගින් පසුගිය වසරේ පළමු මාස හයේදී රුපියල් බිලියන දෙසිය අසූවයි දශම හතක සමස්ත ලාභයක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඊට සාපේක්ෂව මේ වසරේ සමාන කාල පරිච්ඡේදයේදී රුපියල් බිලියන දෙසිය විසිහතයි දශම අටක ලාභයක් වාර්තා කර ඇති බව ද සඳහන්.

භයානක තත්ත්වයක් හැමතැනම පැතිරිලා - මරණ ගණනත් වේගයෙන් ඉහළට

භයානක තත්ත්වයක් හැමතැනම පැතිරිලා - මරණ ගණනත් වේගයෙන් ඉහළට

එම වාර්තාවේ තවදුරටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ කාර්ය සාධනය වැඩිවීම මඟින් ගෙවුණු වසරේ (2024) පළමු මාස හයට සාපේක්ෂව සාමූහිකව රුපියල් බිලියන 16කට ආසන්න අතිරේක ලාභයක් එකතු කර ඇති බව ද සඳහන්.

ඊට අමතරව ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය මෙම වසරේ පළමු භාගයේදී රුපියල් බිලියන තුන්සිය හැත්තෑහතයි දශම නවයක් දක්වා සියයට දහනවයයි දශම දෙකකින් (19.2%) අඩුවී තිබෙන බව ද වාර්තා වේ.

ඒ අනුව එම සංස්ථාවේ විකුණුම් පිරිවැය පසුගිය වසරේ පළමු භාගයේදී වාර්තා වූයේ රුපියල් බිලියන හාරසිය හැට හතයි දශම හතක් ලෙසයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න