ගුරු සංගම් දෙකක් අතර උණුසුම් තත්ත්වයක් (VIDEO)

By Sewvandhi Nov 10, 2021 05:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැටුප් විෂමතාව පිළිබඳව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අද (10) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්විය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, "අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කරපු වැටුප් යෝජනාව එකවර ගෙවන්න මේ සාකච්ඡාවේදී අපට පොරොන්දු වුණා."

මේ අතර ගැටලුවට විසඳුම් ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ ගුරු සංගම් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගෙන තිබුණි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා, "ඔයාට මං මොකක්වත් කිව්වේ නෑ. ඇයි මොකක්ද?. ඇයි මොකක්ද ප්‍රශ්නේ. කොහෙද පාවලා දුන්නේ."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "ඇයි මොකද? පාවලා දීලා නිකං අනන්මනන් දාන්න එපා."

මහින්ද ජයසිංහ මහතා - "ඔය චණ්ඩිකම් තියාගන්න ඔයාලගේ ගමේ."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "අපි චණ්ඩිකම් නෙමෙයි. නියම වෘත්තීය සමිති නිලධාරියෙක් විදිහට කතා කරන්න මහත්තයා."

මහින්ද ජයසිංහ මහතා - "කවුද කිව්වේ. තමුසෙලාට මම කිව්වේ නෑ. තොප්පිය හරි නම් දාගන්නවා."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "පාවලා දීලා දැන් අයිං දාන්න එනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW



ReeCha