ගුරුවරුන්ටත් බලපත්‍රයක් දුන්නට කමක් නෑ හැබැයි ටියුෂන් ගුරුවරුන්ට දෙන්න බෑ කියලා පස් කන ස්ටාලින්

Report

උපකාරක පන්ති ගුරුවරුන්, පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ පාසල් ගුරුවරුන් ඇතුළු උගන්වන ඕනෑම කෙනෙකුට බලපත්‍රයක් (ලයිසන්) ලබාදීමට වෘත්තීය සභාවක් පිහිටුවන්නේ නම්, ඊට විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පවසන්නේ ගුරු-විදුහල්පති සේවාවන්ට වෘත්තීය සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මීට පෙර ද අවධාරණය වී ඇති නමුත්, එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවයි.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

"ගුරු සේවාව උසස් තත්ත්වයකට ගෙනල්ලා සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ගැන තමා අපි කතා කරන්නේ. පුද්ගලික අංශය ශක්තිමත් කරන එකක් සහ නීත්‍යානුකූල කරන වැඩක් තමයි මෙතන තියෙන්නේ"

එසේම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද කමිටුව ඊයේ දින රැස්වී ඇත.

ඒ අනුව එහිදී අධ්‍යාපන කවුන්සිලයේ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදී කරුණු පිළිබඳව සවිස්තර වාර්තාවක් වහාම අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ වී ඇති බව වාර්තා වේ.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්