ඔන්න දැන් ගුරුවරු ඉගෙනගන්න ලෑස්තිවෙන්න - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගුරුවරුන්ට පුහුණු කරයි

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් සඳහා යොදන පුහුණු වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

මෙම වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත ලබා දී ඇත.

දැනට ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පුහුණුකරුවන් පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර, පළමු අදියරේදී පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සදහා වූ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙති. එහිදී, පුහුණුකරුවන්ගේ කණ්ඩායම මුලින්ම සකස් කර පසුව පළාත් මට්ටමට හරවා යවනු ඇත.

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

හමුදා කඳවුරකට පැනීමට ගොස් පුද්ගලයෙකු මිය යෑමට එරෙහිව ක්‍රියාත්මක කරන්න යන හර්තාලය ගැන රජයේ මතය

ඊට අදාළ දෙවන අදියරේදී, හයවන ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මේ සමග, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවද නව විෂය නිර්දේශය සදහා ගැළපෙන පළමු සහ හයවන ශ්‍රේණි සඳහා නව පාඩම් ඒකක (Modules) මුද්‍රණය ආරම්භ කර ඇත.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

නව ප්‍රතිසංස්කරණවලට අනුකූලව, සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට මෙම නව ඒකක භාවිතයට ගෙන එන බවද නිවේදනය කර ඇත.