අධිවේගී මාර්ග, මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 502.16ක්

Report

මෙරට අධිවේගී මාර්ග, මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 502.16ක ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා මාර්ග කොටස කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 251.37ක මුදලක් වෙන් කර ඇත.

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂ දැනුම්දීමක්- සමාජ මාධ්‍යවල පැතිරෙන ව්‍යාජ පුවත ගැන ඇත්ත මෙන්න

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂ දැනුම්දීමක්- සමාජ මාධ්‍යවල පැතිරෙන ව්‍යාජ පුවත ගැන ඇත්ත මෙන්න

එමෙන්ම, මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වැනි කොටසේ පළමු අදියර වන කුරුණෑගල සිට ගලේවෙල දක්වා මාර්ග කොටස කොන්ත්‍රාත් පැකේජ 12ක් යටතේ ඉදිකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 243.44ක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව, ජාතික මහාමාර්ග පුළුල් කිරීම සහ මහාමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 5.83ක් ද, ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 1.52ක් ද වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

පාසලක් කැළඹෙයි - හදිසියේ සිසුන් 35 දෙනෙකු රෝහලට

පාසලක් කැළඹෙයි - හදිසියේ සිසුන් 35 දෙනෙකු රෝහලට