ගුරුවරු පාසල් පැමිණීම සම්බන්ධයෙන් ගත් අමුතුම තීරණය මෙන්න.(PHOTO)

Report

ඉන්ධන මිල වැඩිවීම සහ ඉන්ධන හල්හි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් යාපනයේ පාසලක ගුරුවරුන් පිරිසක් ගව කරත්තයෙන් 20 දින සිය පාසලේ සේවය සඳහා පැමිණීමේ සිද්ධියක් වාර්ථා වනවා.

යාපනය තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයේ ගුරුවරුන්ට පාසල වෙතට පැමිණීම සඳහා සිය යතුරුපැදිවලට ඉන්ධන නොමැතිකම හේතුවෙන් ප්‍රදේශයේ තිබූ ගව කරත්තයකින් පාසලට පැමිණීමට සිදුව ඇත.

පාසල වෙතට පැමිණි ගුරුවරුන් විසින් පවසා ඇත්තේ, ඉදිරියටද ඉන්ධන හිගයක් මෙන්ම අධික ඉන්ධන මිල හේතුවෙන් තමන්ට ගව කරත්තයට මෙන්ම පාපැදියට හුරුවීමට සිදුවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery