ටීචර් අම්මාට පොලිසිය දී ඇත්තේ අගමැති කාර්යාල නියෝගයකින්!!
අප්‍රේල් 17 සහ 18 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ උත්සවයට ආරක්ෂාව සැපයීමට පොලිසිය කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීමකට අනුව බව වාර්තා වේ.
අප්‍රේල් 08 වැනිදා ලිපියක් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර, සිසුන් හා දෙමව්පියන් විශාල පිරිසක් සහභාගී වන බැවින් ආරක්ෂාව සැපයීමට ඉල්ලා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසන පරිදි, පොලිස් වාහන සහ නිලධාරීන් නීතිවිරෝධී ලෙස භාවිතා වී ඇත්දැයි පරීක්ෂණයක් සිදු කෙරේ.
උත්සවයට සිසුන් 8,000ක් සහභාගී වන බව දැනුම් දී, මුදල් ගෙවීමේ පදනම මත පොලිස් පහසුකම් ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, එම පහසුකම් වෙනත් කාර්යයකට භාවිතා කළ බවට සැකයක් මතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කෙරෙන බව ඔහු සඳහන් කළේය.
විශේෂ අවස්ථාවන්හිදී මුදල් ගෙවීමේ පදනම මත පොලිස් නිලධාරීන් සහ වාහන ලබාගත හැකි බවද ඔහු පැවසීය.
