රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

Report

රන් මිල අද සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල එක් දිනකදී ඩොලර් 171කින් ඉහළ ගොස් ඩොලර් 3,486 දක්වා වාර්තා වී ඇත. මෙය එක් දිනකදී සියයට 5.16ක වැඩිවීමකි.

මෙම ගෝලීය මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ රන් ආභරණ වෙළෙඳපොළේ ද කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරයි.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

කොළඹ චෙට්ටියාර් වීදියේ රන් වෙළෙන්දන්ගේ සංගමයේ භාණ්ඩාගාරික බාලසුබ්‍රමනියම් මහතා කියනපරිදි, කැරට් 24 රත්‍රන් පවුමක මිල රුපියල් 5,000කින් ඉහළ ගොස් රුපියල් 277,000කි. කැරට් 22 රත්‍රන් පවුමක මිල රුපියල් 3,000කින් ඉහළ ගොස් රුපියල් 255,000කි. පසුගිය දින 3 තුළ රන් ආභරණ මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

 මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ගනේෂමූර්ති මහතා පැවසුවේ, ඉදිරි කාලයේදී රත්‍රන් මිල සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇති බවයි.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!