උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම්..ලැබෙන විදිය මෙතනින් දැන ගන්න.

Sri Lanka
By Aruna Jan 10, 2023 01:23 AM GMT
Aruna

Aruna

Report

සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත.

අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා වයස් සීමාව පිළිබඳ තීරණය දැනුම් දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඒ අනුව නිවේදන නිකුත් කරනු ඇත. ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වනුයේ ගුණාත්මක අධ්‍යාපනයක් පන්ති කාමරයේ දි දරුවන්ට ලබා දීමට උචිත පුහුණු ගුරුවරයකු බිහි කිරීම ය.

එමනිසා ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ඇත.

පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇත.

– මාධ්‍ය ඒකකය