තේ වතු හිමියන් ලෝක අමාරුවක - මෙහෙම ගියොත් ඉස්සරහට තේ බීලත් ඉවරයි
තේ වගාවේ නිෂ්පාදන වියදම් වසරක කාලය තුළදී සියයට තිහත් සියයට හතළිහත් (30%-40%) අතර ප්‍රමාණයකින් ඉහළ ගියත් ඊට සාපේක්ෂව තේ කුඩු මිල ඉහළ නොයෑම හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව ජාතික තේ වැවලිකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මේ වන විට පොදුවේ අමු තේ දළු කිලෝවක් සඳහා ලබා දෙන්නේ රුපියල් එකසිය හැත්තෑවත් රුපියල් එකසිය අනුවත් අතර (170-190) අතර මුදලක් බවත් ඉකුත් වසරේ දෙසැම්බර් මාසය සැලකීමේදිත් තේ දළු මිල මෙම මට්ටමේ පැවති බවත් එම සංගමයේ ලේකම් වසන්ත අල්විස් මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම ඔහු කියා සිටියේ කම්කරුවන්ට හා තේ දළු නෙළන පිරිස්වලට දෛනිකව ගෙවිය යුතු මුදල පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.
පසුගිය වසරේදී තේ දළු නෙළීමේදී කිලෝවකට රුපියල් හතළිහක පමණ මුදලක් ගෙවූ බවත් මේ වන විට එම මුදල රුපියල් පනහත් හැටත් (50-60) දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.