මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

Report

බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් සහිත උපකරණ හැත්තෑපන්දහසක් (75,000) පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාළව මෙම උපකරණ ගෙන්වා ඇති අතර එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.පේ. සේනාධීර ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

එමෙන්ම ඉකුත් දිනවලදී පොලිස් ස්ථාන රැසකම බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමේ ඇල්කෝවයිසර් උපකරණ නොමැති වීම නිසා බීමත්ව ඇතැයි සැකපිට අත්අඩංගුවට ගන්නා රියැදුරන් වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වාර්තා ලබාගැනීම සිදු විය.

එසේම ඉකුත්දා සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වල අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ බීමත්බව පරීක්ෂා කරලීමට නොහැකි වූයේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන කට්ටල පොලිසිවල නොමැති වීම නිසා බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

ආහාර හිඟයක් ගැන ඇමති නාමල් කට අරී

ආහාර හිඟයක් ගැන ඇමති නාමල් කට අරී

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

මේ අයට අද සවස 2න් පස්සේ වෙන්නේ මේකයි - නිවේදනයක්

මේ අයට අද සවස 2න් පස්සේ වෙන්නේ මේකයි - නිවේදනයක්