ආයේ තේ කොළත් නැති වෙයිද? වතු කම්කරුවන් රස්සා අත්හරී

Report

වතු සේවකයන් ශීඝ්‍රයෙන් ක්ෂේත්‍රය හැරයාම හේතුවෙන් මෙරට තේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියේදී බරපතළ කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් මතු වී ඇත.

දෛනිකව අතට මුදල් ලැබෙන විකල්ප රැකියා කෙරෙහි වතු ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව හිටපු වතු වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු ද වන පී. පී. දේවරාජ් මහතා පවසයි.

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

දිනකට රුපියල් 2000ත් 3000ත් අතර වැටුපක් උපයාගත හැකි ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වෙළෙඳ සහායක සේවා සඳහා සේවකයන් වැඩි වශයෙන් යොමු වෙමින් පවතී. එළවළු වෙළෙඳාම වැනි ස්වයං රැකියාවල නිරත වීමෙන් දිනපතා මුදල් ලැබීම, තේ වතු හැරයාමට තවත් ප්‍රධාන හේතුවකි.

වතු සේවකයන්ගේ දරු පරපුර ද මෙම සාම්ප්‍රදායික වෘත්තියෙන් ඉවත් වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි සේවක හිඟයක් ඇතිවිය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

මෙම තත්ත්වය තුළ දලු නෙළීමේ කටයුතු අඩාල වීමේ තර්ජනයක් මතුව ඇති බව දේවරාජ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා ප්‍රකාශ කළේ, වතු සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් ඇති කරගත් එකඟතාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. එම වැටුප් වැඩිවීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සේවක සුබසාධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ඔහු අවධාරණය කළේය.

මේ රජයේ සේවකයන්ට වැටුප් රක්ෂණ සහ සහන ලබාදීමට සූදානමක්

මේ රජයේ සේවකයන්ට වැටුප් රක්ෂණ සහ සහන ලබාදීමට සූදානමක්