තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට

Report

කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙහි ආරම්භක වැඩසටහන වැලිපැන්නේ දී අද(26) සිදු කෙරිණි.

ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීමට මෙම සහනාධාර තේ පොහොර නව ක්‍රමවේදය අනුව දීමට තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000 ක මුදලක් 2025 වර්ෂය සඳහා වෙන්කර ඇත.

විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට

විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ලැබේ.

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න

සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. මෙම නව ක්‍රමවේදය යටතේ පොහොර මිලදි ගැනිමට අවශ්‍ය කටයුතු ඔක්තෝබර් 1 දින සිට සියලු ප්‍රදේශ වල ක්‍රියාත්මක කරන බව රජය කියයි.

කැම්පස් එන ළමයි ආයේත් පන පිටින් මරන්නද හදන්නේ,නවකවදය ආයෙත් 4ක් අත්අඩංගුවට

කැම්පස් එන ළමයි ආයේත් පන පිටින් මරන්නද හදන්නේ,නවකවදය ආයෙත් 4ක් අත්අඩංගුවට