කැම්පස් එන ළමයි ආයේත් පන පිටින් මරන්නද හදන්නේ,නවකවදය ආයෙත් 4ක් අත්අඩංගුවට
කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
පසුගිය කාල සීමාව පුරාවටම නවකවදය පිළිබඳව හද කම්පා කරවන සිදුවීම් රැසක් වාර්තා විය. ඒ අනුව සිය දිවි නසා ගැනීම්වලින් කෙළවර වෙන මෙම නවකවදය වැළැක්වීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන තිබේ.
ඒ අනුව නීති දැඩි කොට තිබෙන අතර නවක වටේ නිරත වන සියලු නීතිය තදින්ම ක්‍රියාත්මක වෙයි.