තේ අපනයනය මිලියන ගණනකින් පහත වැටේ...
Sri Lanka
By Subodha
මේ වසරේ මාර්තු මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17 ක් වූ අතර, එය, පසුගිය වසරේ මාර්තු මාසයට වඩා කිලෝග්‍රෑම් මිලියන 2.64 ක පහත වැටීමක් බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
එමෙන්ම වසරේ මුල් මාස 3 සැළකූ විට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 63.7 ක් අපනයනය කර ඇති අතර, එය, පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 6.19 ක පහත වැටීමක් ලෙස සැළකිය හැකියි.
මේ අතර කොළඹ තේ වෙන්දේසිය සඳහා ලැබෙන තේ සැපයුම පහත වැටී ඇති අතර, පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ තේ කිලෝග්‍රෑම් මිලියන 5 ක් පමණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |