TIN එක ගන්න ලේසිම විදිහ මොකක්ද දන්නව ද?.

Report

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශයක් සිදු කළේ ය.

TIN එක ගන්න ලේසිම විදිහ මොකක්ද දන්නව ද?. | Tax Payer Identification Number

ඒ එම අංකය ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේ දී සලසා දෙන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

"ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න පුළුවන්.

වඩාත් පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේක ලබාදෙන්න වැඩපිළිවෙලකුත් තියෙනවා.

අපි සඳුදා මේ ගැන සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අනිවාර්යෙන්ම බදු ගෙවීමේ බරක් පැටවෙන්නේ නෑ. බොහෝ අය බයයි නේ. මාසයක ආදායම රු ලක්ෂයකට වැඩි අයට විතරයි බද්දක් ගෙවන්න වෙන්නේ."

මේ අතර බදු ගෙවීම් පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින් සුරකමින් අසාධාරණ ලෙස රජය බදු අය කරගන්නා බව පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පැවසීය.

Sponsored By Sarrita Jewellery