නොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

Report

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා ලබාදී තිබූ කාලය ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මීට පෙර එම වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය ලෙස නියම කර තිබුණේ 2026 නොවැම්බර් 30 වැනිදායි. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලු දෙනා නියමිත දිනට පෙර තම බදු වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

කෙසේ වෙතත්, මෙවර පළමු වරට බදු වාර්තා ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතියට වැඩි පීඩනයක් ඇති වී ඇති අතර, පද්ධතියේ තදබදය නිසා බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී ගැටලු මතුව තිබෙනවා.

බදු ගෙවන්නන් සහ ඔවුන්ගේ නියෝජිතයන් මුහුණ දුන් මෙම අපහසුතා සැලකිල්ලට ගෙන සහන කාලයක් ලබාදීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර බදු වාර්තා ගොනු කරන පුද්ගලයන්ට දඩ මුදල් පැනවීමක් හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම, ඉදිරි වසරවලදී අවසන් දිනය පැමිණීමට පෙර හැකි ඉක්මනින් බදු වාර්තා ඉදිරිපත් කරන ලෙසත්, මෙවර ලබාදී ඇති සහන කාලයෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

බදු ගෙවන්නන්ට www.ird.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගත සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය.

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට