තංගල්ලේ අයිස් බල්ලොත් බොයි - ලොකු ප්‍රශ්නයක්

Report

තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය මිශ්‍ර වූ ජලය පානය කළ සුනඛයන් ඒ මේ අත දිව ගොස් ඇති අතර ඇතැම් සුනඛයන් වරාය භූමියෙන් අතුරුදන් වී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව සඳහන් වූයේ මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේ ජලය පානය කර ඇති මෙම සුනඛයන් තිදෙනෙක් එහි තැන තැන කැරකෙමින් සිට ඇති බවයි.

ධීවරයන් විසින් වරාය භූමියේ නිතර සැරිසරමින් සිටි සුනඛයන් ඊයේ දින අමුතු හැසිරීම් පෙන්නුම් කළ බව පවසා ඇත. ඔවුන් අනුව මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර තැබූ ස්ථානයේ බිම තිබූ ජලය පානය කිරීමෙන් පසුව මෙම සුනඛයන් මෙම අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කර තිබෙනවා.

එහිදී සුනඛයන් තිදෙනකු පමණ එකතැන කැරකෙමින් සිටි අතර තවත් සුනඛයකු සිටගැනීමට අපහසුව බිම වැටී ඇත.

දකුණු වෙරළේ මුහුදේ සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල් 50ක් තංගල්ල වරායට රැගෙන එයි

දකුණු වෙරළේ මුහුදේ සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල් 50ක් තංගල්ල වරායට රැගෙන එයි

එමෙන්ම තවත් සුනඛයෙක් ධීවර වරාය පුරා වේගයෙන් දිව යමින් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කර ඇත. තවද ධීවරයන් ප්‍රකාශ කළේ ඊයේ පෙරවරු කාලයේ සිටි සුනඛයන් දෙදෙනකු පස්වරුව වන විට ධීවර වරාය භූමියෙන් අතුරුදන්ව සිටි බවයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ එම සතුන් ඇවිද ගැනීමට නොහැකිව වැටී සිටිනු ඇති බවයි.

කෙසේ වෙතත් ධීවර වරාය භූමියේ සිටි මෙම සතුන් කිසිදු අසනීපයකින් පෙළුණු සතුන් නොවන බව පවසන ධීවරයන් සැකකරන්ගේ මත්ද්‍රව්‍ය මිශ්‍ර ජලය පානය කිරීම නිසා මෙම සතුන් මෙසේ අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන බව සහ එම සතුන්ගේ ජීවිතයටද මින් හානියක් වනු ඇති බවයි.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

ඉකුත් 14 වනදා තංගල්ල රැකවට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබියදී නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබුවා.

එම මත්ද්‍රව්‍ය තොගය එදින පස්වරුවේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ අතර ඒවායේ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබුණා. 

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි